ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෙකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස් හිමියෙකු ලෙස, චීනය සෑම විටම IMF සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයට සහය දැක්වීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන ලෙස දිරිමත් කරන බව චීනය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ඇතිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවැසීය.
ද්විපාර්ශ්වික මූල්‍ය සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය 2022 අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර ණය ගෙවීම් අත්හිටුවන බව ප්‍රකාශ කිරීමෙන් ටික කලකට පසු, චීන මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව හා සම්බන්ධ වෙමින් කල් පිරුණු ණය කළමනාකරණය කිරීමට නිසි ක්‍රමයක් සෙවීමට ඔවුන්ගේ සූදානම ප්‍රකාශ කළ බවද තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව චීනය සමඟ සමාන ආකල්පයකින් ක්‍රියාශීලීව කටයුතු කරනු ඇතියි බලාපොරොත්තු වන අතර හැකි විසඳුමක් කඩිනමින් සකස් කරනු ඇති බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.